පුනරුත්තාපන මධ්‍යස්ථානයක සිටි තරුණයෙක් මරුට

Report

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්තාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්තාපනය වෙමින් සිටි තරුණයෙකු මිය ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ.

මරණය පහරදීමකින් සිදු වූවාද සොයා පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර තරුණයාට පහර දී අතුවලට මාංචු දමා කකුල්වලට යකඩ දම්වැල් දමා පහර දුන්නා දැයි සැක කරන බව පොලිසිය සඳහන් කරයි.

දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ. 


පසුගිය වසරේ ක්ෂය රෝගීන් 9200ක්

පසුගිය වසරේ ක්ෂය රෝගීන් 9200ක්


රනිල්ව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරන භූතයෝ දෙන්නෙක් ගැන රවී කට අරි

රනිල්ව ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කරන භූතයෝ දෙන්නෙක් ගැන රවී කට අරි