පසුගිය වසරේ ක්ෂය රෝගීන් 9200ක්
By Dilasha
පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් පසුගිය වසරේ වාර්තා වූ අතර වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනි.
2035 වන විට මෙරට ක්ෂය රෝගීන් ප්‍රමාණය 90%කින් අඩු කර ගැනිමට සහ ක්ෂය රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය 95%කින් අඩු කර ගැනීම සිය අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.