රැකියාවට ආ තරුණයා පැහැර ගෙන යන්න ගේමක් ගහලා

Report

හෝමගම මූලස්ථාන පොලිසිය සඳහන් කරන පරිදි සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර ප්‍රදේශයට පැමිණි 18 හැවිරිදි තරුණයෙකු පැහැරගැනීමට උත්සාහ කළ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දියතලාව කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයා, කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයක් සඳහා කොට්ටාව–මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා පැමිණ සිටියදී, මාකුඹුර සිට නුගේගොඩ යාමට ත්‍රිරෝද රථයකට ගොඩ වී තිබේ.

එම ත්‍රිරෝද රථයට පසුගිය මිතුරන් ලෙස හැඳින් වූ දෙදෙනෙක් නැග තිබේ.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ගමන අතරතුර තවත් දෙදෙනකු ත්‍රිරෝද රථයට එක්වී තරුණයා පැහැර ගැනීමට උත්සාහ කළ අතර, මාර්ගයේ පොලිස් බාධකයක් මැද තරුණයා කෑ ගැසීම හේතුවෙන් ඔහුට කරදරයක් යැයි සිතූ පොලිස් නිළධාරීන් වහා පැමිණ, ඔහු බේරා ගැනීමට කටයුතු කළහ.

පැහැර ගැනීමට උත්සාහ කළ පිරිස පලා යාමට සමත් වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශණ අංශය හරහා පරීක්ෂණ කටයුතු ආරම්භ කර, දිනක් තුළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට

වරාය ලොක්කෙක් බිමල්ට විරුද්ධව නඩු මඟට