ශිරන්ති රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන ඇතුළු ප්‍රබලයන් රැසක් නාමල් හමුවට

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දින බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා ඇය මෙසේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

මීට අමතරව බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට රෝහීත අබේගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලකයන් රැසක් පැමිණ ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් - පොහොට්ටුවෙන් දරුණු චෝදනා

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් - පොහොට්ටුවෙන් දරුණු චෝදනා

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග විය.

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගුවන් මඟ වෙනස් කරයි - ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට තීරණ

ශ්‍රී ලන්කන් ගුවන් යානා ගුවන් මඟ වෙනස් කරයි - ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවීමට තීරණ