ලංකාවම බලන් ඉන්න යෝෂිත රාජපක්ෂගේ නඩුවට මහාධිකරණයෙන් නියෝගයක්

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය වෙනුවෙන් අගෝස්තු මස 31 වන දින කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ අනුව මෙම නඩුව අද (16) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවා තිබුණා. එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය වෙනුවෙන් දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එහිදී දැනුම් දීමට අපේක්ෂා කරන බවත් අධිචෝදනා පත්‍රයට සිදු කරන සංශෝධන එහිදී දැනුම් දීමට කටයුතු කරන බවත් ය.

ජූලි 3 ඉඳන් මේ වෙනකල් හමුදාපතිවරයා එක්ක කිසිදු හමුවක් වෙලා නෑ - පා. මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නීතිමය පියවර ගැනීමට සැරසෙයි

ජූලි 3 ඉඳන් මේ වෙනකල් හමුදාපතිවරයා එක්ක කිසිදු හමුවක් වෙලා නෑ - පා. මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නීතිමය පියවර ගැනීමට සැරසෙයි

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31වන දින කැඳවන ලෙස නියම කර තිබෙනවා.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුකරය ගොනු කර ඇත.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න