ජූලි 3 ඉඳන් මේ වෙනකල් හමුදාපතිවරයා එක්ක කිසිදු හමුවක් වෙලා නෑ - පා. මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නීතිමය පියවර ගැනීමට සැරසෙයි

Report

කාදිනල්තුමාගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් අගරදගුරුතුමා පිළිබඳව අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇති බවට විස්තර කර ඇති කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නීතිමය පියවර ගන්නා බව සඳහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ගරු සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ ඉකුත් ජූලි 10 වන දින හෝ ඒ ආසන්න දිනක පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා කළ බව කියන ප්‍රකාශ සම්බන්ධයෙන් කාදිනල්තුමාගේ නීතිඥයින් දැනටමත් නීතිමය පියවර ගනිමින් සිටින බවයි.

එසේම එම ප්‍රකාශයට අනුව, ජූලි 2 වන දින ශ්‍රී ලංකා හමුදාපතිවරයා පලතුරු කූඩයක් රැගෙන කාදිනල්තුමාගේ නිවසට ගිය බවත්, අනතුරුව හමුදාපතිවරයාගේ ධුර කාලය 2028 ජනවාරි හෝ පෙබරවාරි දක්වා දීර්ඝ කළ බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

සුළු මොහොතකට පෙර ජූලි 16 දිනය පුරා වලංගු නිවේදනයක් - මේ පළාත්වලට විශේෂයි

මෙම ප්‍රකාශය කාදිනල්තුමාගේ කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් රෝමයේ XIV වන ලියෝ පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති වතිකානු සමුළුවකට සහභාගී වීමෙන් පසු ජූලි 3 වන දින පමණක් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

ඒ අනුව අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජූලි 3 වන දින සිට මේ දක්වා කාදිනල්තුමා සහ හමුදාපතිවරයා අතර කිසිදු හමුවක් සිදුවී නොමැති බවයි.

එබැවින් පටු දේශපාලන වාසි තකා ශ්‍රී ලංකාවේ ආගමික සමගිය බිඳ දැමීමේ අරමුණින් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ සිදු කර ඇති බවට ගරු සිරිල් ගාමිණී පියතුමා ද චෝදනා කර ඇත.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

තෙල් නිසා දැවැන්ත අර්බුදයක් - ජාතික විදුලි පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීමත් සමඟ කියුබාවම අඳුරේ

තෙල් නිසා දැවැන්ත අර්බුදයක් - ජාතික විදුලි පද්ධතිය මුළුමනින්ම බිඳ වැටීමත් සමඟ කියුබාවම අඳුරේ

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි