ගොවීන්ට දැනුම්දීමක් - අද සිට දිවයින පුරා ස්ථාන 143කදී කරන්න යන දේ මෙන්න
2026 යල කන්නයේ වී මිල දී ගැනීම අද (13) දිනයේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොහෝ ප්‍රදේශවල මේ වන විට යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බැවින් වැඩිම අස්වනු ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් වී ගබඩා විවෘත කර තබන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ප්‍රකාශ කරයි.
එබැවින් දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා මඟින් වී මිල දී ගැනීමට කටයුතු කරයි.
එසේම ගබඩා ධාරිතාව සම්පූර්ණ වුවහොත් ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික අංශයේ ගබඩා භාවිතයට ගැනීම වෙනුවෙන් ද සාකච්ඡා පවත්වා ඇති බවත් ඇතැම් වී මෝල් හිමියන් සහ පෞද්ගලික ආයතන එම ගබඩා නොමිලේ ලබා දීමට එකඟතාව පළ කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.