ළමුන් සඳහා ලොව භයානකම ස්ථානයක් ගැන UNICEF අනාවරණය කරයි.
By Hashini
UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි.
ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බව ද සඳහන්.
මේ බව පවසා ඇත්තේ යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් නොවැම්බර් 22 වනදා ගාසා තීරයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.
ගාසාවේ ළමුන්ට සිදු කරන ලද ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ව්‍යවසනකාරි, විචක්ෂනශීලි සහ අසමානුපාතික වන බවද ඇය වැඩිදුරටත් පවසනවා.
එසේම ගාසාවේ ගොඩනැගිලි සුන්බුන් අතර ළමුන් සිරවී සිටින බවද විධායක අධ්‍යක්ෂිකාව පවසනවා.