IMF දෙවන වාරිකය දෙසැම්බරයේදී.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සඳහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවයි.
මහා බැංකුවේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.
මාර්ගගත ක්‍රමවේදය ඇතුළු බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලින් බැහැරව ණය ලබාදෙන ආයතන නියාමනයට ඉදිරියේදී පිහිටුවනු ලබන ණය නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ද මහා බැංකු අධිපතිවරයා සිය අදහස් පළ කරනු ලැබුවා.
එසේම අද දිනයේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%කින්ද, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ද (SLFR) ද 10%කින්ද පහළ දමා තිබෙනවා.