සාමයේ පණිවිඩය රැගෙන ඇරඹි පාගමනට අගමැතිණි ද එක්වෙයි

Report

ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් “සාමය සඳහා ඇවිදින්න” යන තේමාව යටතේ ඇමරිකාවේ දින 110ක් පුරා දිගු පාගමනක් මෙහෙයවූ පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙරටට වැඩම කොට, දඹුල්ලේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත සාම පාගමනේ දෙවැනි අදියර අද (24) ශ්‍රී දළදා මාලිගාවෙන් යළි ආරම්භ කෙරුණි.

රජයේ ඉඩම් බදු ක්‍රමය යාවත්කාලීන කිරීමට නව පියවරක්

රජයේ ඉඩම් බදු ක්‍රමය යාවත්කාලීන කිරීමට නව පියවරක්

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ පැවති විශේෂ ආගමික වතාවත් සහ ආශීර්වාද කටයුතු අතරතුර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද එක්ව සිටි අතර, පාගමන සඳහා ආශීර්වාද පිරිනැමීමද සිදු කෙරිණි.

ලෝක සාමය, අහිංසාව සහ මානව එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම පාගමන දඹුල්ලෙන් ආරම්භ කර කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා දිවයන අතර, ඒ තුළින් සාමයේ පණිවිඩය රට පුරා ප්‍රචාරය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව සංවිධායකයන් පෙන්වා දෙයි.

යුද්ධයට පක්ෂව සිටිය නොහැක — ලෝකයට පාප් ලියෝ XIV ගෙන් සාම පණිවිඩයක්

යුද්ධයට පක්ෂව සිටිය නොහැක — ලෝකයට පාප් ලියෝ XIV ගෙන් සාම පණිවිඩයක්