පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් 11ක් රිමාන්ඩ්

Report

හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුල පතන පොලිසියේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කර කලහකාරි ලෙස හැසිරුනු සැකකරුවන් 11දෙනෙකු අද (18) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .

ඒ ලබන (20) දින දක්වායි. තලවකැලේ වටගොඩ සහ වටවල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30-35ත් වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් (17) දින පස්වරුවේ විවාහ උත්සව ශාලාවේදි බීමත්ව ගුටිබැට හුවමාරුවක් සිදු කර ගෙන තිබුණි .

එය පාලනය කිරිමට ගිය දිඹුල පතන පොලිසියේ නිළධාරින්ගේද රාජකාරියට බාධා කිරිම හමුවේ දිඹුල පතන පොලිසියේ නිළධාරීන් විසින් තලවකැලේ ලිදුල සහ නානුඔය යන පොලිස් ස්ථානවල අමතර පොලිස් බලඇණි කොටගල වෙත කැදවා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

 මෙම දෙපිරිසගේ ගැටුම් තත්ත්වය හමුවේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරය හරහා ගමන් ගත් වාහනවලද තදබදයක් ද විය.

දිඹුල පතන පොලිසියේ නිළධාරීන් සඳහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත්, එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය