ලෝක කුසලානයට වැස්සෙන් බාධා ...
By Parami Dissanayake
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියා අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.00ට එම තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.