උතුරු - නැගෙනහිරට දැවැන්ත ආයෝජනයක් - ධීවර කර්මාන්තය හදන්න ලෝක බැංකු සහාය

Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ ආර්ථික පුනර්ජීවනය ඉලක්ක කරගනිමින් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ‘REVIVE’ (Regional Empowerment through Vibrant, Inclusive and Viable Economies) ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ දෙවන අදියරේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී ‘REVIVE 1’ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් රිකුණාමලය කොඩ්බේ (Cod Bay) ධීවර වරාය සහ යාපනය ගුරුනගර් (Gurunagar) ධීවර ගම්මානය ආශ්‍රිත යටිතල පහසුකම් නවීකරණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි.

එම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර, මාස හතරක් ඇතුළත ඒවා අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

කොඩ්බේ වරාය ජැටිය හා ස්ලිප්වේ (Slipway) ප්‍රතිසංස්කරණය, නවීන ශීතකරණ පද්ධති ස්ථාපනය සහ අපනයන ඉලක්ක කරගත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සඳහා අක්කර 27ක භූමියක් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන යෝජනා අතර වේ.

ඒ සමඟම ගුරුනගර් ධීවර ගම්මානයේ ධීවරයින් 3,500කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය නංවාලීම සඳහා නවීන මත්ස්‍ය වෙන්දේසි ශාලා, සෞඛ්‍යාරක්ෂිත කරවල වේලන අංගන සහ මංතීරු දෙකකින් යුතු පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

රුපියල තවත් ශක්තිමත් වෙයි - ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවල හැමෝම හොයපු ඩොලර් මිල වෙනස් වුණ හැටි මෙන්න

රුපියල තවත් ශක්තිමත් වෙයි - ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවල හැමෝම හොයපු ඩොලර් මිල වෙනස් වුණ හැටි මෙන්න

සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් වූයේ ‘REVIVE 2’ දෙවන අදියර සඳහා ව්‍යාපෘති යෝජනා සකස් කිරීමයි.

ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මුහුදු පැලෑටි (Seaweed), මුහුදු කූඩැල්ලන් (Sea Cucumber), කකුළුවන් (Mud Crab), සීබාස් (Sea Bass) සහ ඉස්සන් (Shrimp) වගාවන් සඳහා අගය එකතු කිරීමේ දාමයන් ශක්තිමත් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය කලාපකරණ සැලසුම් (Aquaculture Zoning) සකස් කිරීමත් තීරණය කෙරිණි.

විශේෂයෙන් මුහුදු පැලෑටි වගාව සඳහා වෙළෙඳපොළ අවස්ථා හඳුනාගැනීම සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා මෙහිදී අවධාරණය කළේ මෙරට ධීවර ක්ෂේත්‍රය සාම්ප්‍රදායික මට්ටමෙන් ඉවත් කර කාර්මීකරණය වූ සහ දත්ත මත පදනම් වූ (Data-driven) නවීන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.

මෙම අවස්ථාවට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි, NARA ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශ හා ලෝක බැංකු නියෝජිත නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක් - අස්වැසුම ලබන්නන්ට මුල් තැන

අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක් - අස්වැසුම ලබන්නන්ට මුල් තැන