අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක් - අස්වැසුම ලබන්නන්ට මුල් තැන
අස්වැසුම ප්‍රතිලාභීන්ට ඉතා ඉක්මනින් වාරික ක්‍රමයට අඩු මිලකට සහල් බෙදා හැරීමට රජය තීරණය කර ඇත. රජයේ සහල් ගබඩාවල ගබඩා කර ඇති වී තොගය සහල් බවට පත් කර ජාතික සතොස යන නව නාමය යටතේ වෙළඳපොලේ විකිණීමට රජය පියවර ගෙන තිබේ.
ඊළඟ පියවර ලෙස, සෑම මසකම රජයේ සේවකයින්ට සහල් කිලෝග්‍රෑම් 20 ක් වාරික වශයෙන් ලබා දීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර ඇත.
දැනට, අස්වැසුම ප්‍රතිලාභීන්ට ද ඒ ආකාරයෙන්ම සහල් බෙදා හැරීමට රජය තීරණය කර ඇත. කෙසේ වෙතත්, රජයේ සේවකයින්ට වඩා අස්වැසුම ප්‍රතිලාභීන්ට සහනදායී මිලකට සහල් බෙදා හරිනු ලබන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රජයේ සේවකයින්ට මෙන් කොටස් වශයෙන් මිලදී ගන්නා සහල් සඳහා ගෙවීමට අවස්ථාව ලබා දීමට ද රජය තීරණය කර ඇත.