ලෝක සත්ත්ව දිනය අදයි
ලෝක සත්ව දිනය සෑම වසරකම ඔක්තෝබර් 4 දින සමරනු ලබයි. මෙම දිනය දා ලොව පුරා සතුන්ට සිදුවන හිංසනයන් සහ නීතිවිරෝධී ලෙස ඝාතනය කිරීම් පිළිබඳව දැනුවත් කිරීම සහ සතුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව පිළිබඳ වැදගත්කම අවධාරණය කිරීම අරමුණු කරයි.
මෙම දිනය සැමරීමේ මූලිකම අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ, ජර්මානු ලේඛකයෙකු වූ හෙන්රිච් සිමර්මන් (Heinrich Zimmermann) විසින් වන අතර, ඔහු විසින් 1925 දී බර්ලින් නගරයේ පළමු වරට මෙම උත්සවය සංවිධානය කර සමරා ඇත.
වන සතුන් මෙන්ම ගෘහාශ්‍රිත සතුන්ද ඔවුන්ගේ වාසස්ථානවල සුරක්ෂිතව තබා ගැනීමට වග බලා ගැනීම අපගේ වගකීමකි. අනෙකුත් ව්‍යාපාරවලට සතුන් මත නිෂ්පාදන පරීක්ෂා කිරීම නැවැත්වීම ඇතුළත් වන අතර එය දැනට බහුලව පැතිරී ඇති අපයෝජන ක්‍රමයකි.
නමුත් ලංකාව වැනි රටක සතුන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද තැකීමක් නොකරන අතර අද වැනි දවසක ඒ පිළිබඳව වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන සත්ව ප්‍රජාව රැක ගැනීමට අවධානය යොමු කළ යුතු වේ.