අලි මදිවට කොටි කිව්වලු...ගෑණු මදිවට සල්මන් ඛාන් වටේ පාතාලෙත් කැරකෙන්න අරන්
මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල් නිවාසයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට නීතිවිරෝධී ආකාරයෙන් කාන්තාවක් ඇතුළු වීමට උත්සාහ කළ බවක් වාර්තා වෙනවා.
ඒ චෝදනාවත් සමඟ පහුගිය දා ඇයව අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය විසින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ පොලිස් නිලධාරීන්ට අනුව කාන්තාව ඉහළ පෙළේ ගොඩනැගිල්ලේ ආරක්ෂාව කඩ කිරීමට උත්සාහ කළ බවයි.
කෙසේ වෙතත් ඇයව නළුවාගේ නිවසට ළඟා වීමට පෙර වළක්වා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වෙලා තිබෙනවා.
ඒ අනුව මේ වන විට මුම්බායි පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.
එසේම බලධාරීන් ඇයගේ අනන්‍යතාවය සහ උපන් ස්ථානය තහවුරු කරමින් සිටින බව ද පවසනවා.
එමෙන්ම තවමත් ඇය ප්‍රදේශයේ පදිංචිකාරියක්ද නැත්තම් වෙනත් නගරයකින් පැමිණි තැනැත්තියක්ද කියලත් හරියටම තහවුරු කර ගෙන නැහැ.
පහුගිය මැයි 19 වන දා සවස අඳාළ සිදුවීම වුණා කියලා තමයි කියලා තමයි ආරංචි වෙන්නේ.
ඒ වගේම මැයි 20 වෙනිදත් තවත් පිරිමි පුද්ගලයෙක් ඔහුගේ නිවසට ඇතුළු වීමට උත්සහ දරා තිබෙනවා.
බන්ද්‍රා පොලිසිය විසින් එම පැමිණිල්ල මත පදනම් වෙමින් අඳාළ පුද්ගලයින් දෙදෙනාටම එරෙහිව නඩු පවරා තිබෙනවා.
මුම්බායිවල බන්ද්‍රා ප්‍රදේශයේ සල්මන් ඛාන්ගේ ගැලැක්සි මහල් නිවාසයෙන් පිටත 2024 අප්‍රේල් මාසයේදී ත් වෙඩි තැබීම් සිදුව තිබුණා.
එසේම ලෝරන්ස් බිස්නෝයි යන පාතාල කල්ලියකින් ද ඔහුට නිරන්තරයෙන් තර්ජන පැවති බවට ද වාර්තා වුණා.
කොහොම වුණත් අඳාළ කල්ලියෙන් වෙඩි තැබීමේ වගකීම භාර ගෙන තිබෙනවා.
මේවා නිසා සල්මන්ගේ ආරක්ෂාව සැලකිය යුතු ආකාරයට ශක්තිමත් කළ බවත් ආරංචි වෙනවා.
