තවදුරටත් අමානුෂික වධහිංසා ඉවසන්න එපා - යුක්තිය සොයා යන ගැහැණියට ශක්තියක් වන දුරකථන අංකයක්
By Kanchana
බොහෝ කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට හා අමානුෂික වධහිංසාවට ගොදුරු වුවද, තම වේදනාව නිහඬව දරාගෙන සමාජයෙන් ඈත්ව ජීවත් වීමට උත්සාහ කරති.
එහෙත්, ඔබ කිසිවිටෙකත් ප්‍රචණ්ඩත්වය හෝ අමානුෂික සැලකීම නිහඬව ඉවසිය යුතු නැත. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්, 109 හදිසි දුරකථන අංකය ඔස්සේ දිවා රෑ ඕනෑම වේලාවක සහාය ලබාගත හැකිය.
බියෙන් හෝ ලැජ්ජාවෙන් නිහඬ නොසිටින්න. ඔබේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්න. අවශ්‍ය සහාය ලබාදීමටත්, ඔබ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමටත් අදාළ නිලධාරීන් සූදානමින් සිටිති.
''හරියට සමුගැනීමක්වත් තිබුණෙ නැති අපේ ආදර කතාවට ඔබේ ඇස් දිහා බලාගෙන සමාප්තියක් දෙන්න මට ලොකූ ආසාවක් තිබුණා '' අභිෂේකා සමාජ මාධ්‍ය කළඹයි