ගමන් මලු පරික්ෂාවේදී ඇතුලේ සගවන් ආපු දේ දැකලා පරීක්ෂක වරුන්ගේ ඇස් උඩ යයි..

Report

රුපියල් ලක්ෂ 50කට අධික විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් වී තිබෙනවා.

කියපු ගානට වැඩ වැඩියෙන් වියදම් කලාද එහෙනම් බලාගෙන..

කියපු ගානට වැඩ වැඩියෙන් වියදම් කලාද එහෙනම් බලාගෙන..

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවක් බවයි අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාව අද අලුයම 12.00 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මාංශ භක්ෂක මත්ස්‍යයෙක්ගෙන් ධීවරයින්ට කරදර ..

මාංශ භක්ෂක මත්ස්‍යයෙක්ගෙන් ධීවරයින්ට කරදර ..

එහිදී ඇය සන්තකයේ තිබූ ගමන් මලු තුල දුම්වැටි 36,800ක් අඩංගු දුම්වැටි කාටූන් 184ක් සඟවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.