''ස්කූටරයෙන් ආ තරුණිය ටිපර් රථයේ ගැටී බෆරයේ එල්ලී බේරෙයි'' - දිවි බේරුණු හැටි මහාරාෂ්ට්‍රයේ CCTV කැමරාවේ පටිගතවෙයි [VIDEO]

Report

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහිල්‍යානගර් ප්‍රදේශයේදී වැලි පටවාගෙන වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක ගැටුණු ස්කූටරයක ගමන් කළ තරුණියක්, අනතුර සිදුවන අවස්ථාවේදී ටිපර් රථයේ ඉදිරිපස බෆරය අල්ලාගෙන දිවි බේරාගත් සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අනතුර බෙලාපූර් මාර්ගයේදී සිදුව ඇති අතර, එය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ වැලි පටවාගත් ටිපර් රථය මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය අඩු කිරීමකින් හෝ ප්‍රමාණවත් ආරක්ෂිත ඉඩක් ලබාගැනීමකින් තොරව හදිසියේ දකුණට හැරෙන ආකාරයයි.

එහිදී ටිපර් රථය දකුණු පසින් පැමිණි ස්කූටරයේ ගැටෙනවා. අනතුර සිදුවන මොහොතේ තරුණිය ටිපර් රථයේ ඉදිරිපස බෆරය අල්ලාගෙන සිටීම හේතුවෙන් මාර්ගයට විසිවීමෙන් හෝ රථය යටට ඇද වැටීමෙන් බේරී ඇති බව වීඩියෝවෙන් පෙනී යනවා.

අධිකරණ භූමිය වටේ මෝටර් රථයෙන් රවුම් ගැසූ කාන්තාවගේ වීඩියෝවක් ඇමරිකාවෙන් එළියට - මත්පැන් පානය කර සිටියාදැයි සැකයක්

අධිකරණ භූමිය වටේ මෝටර් රථයෙන් රවුම් ගැසූ කාන්තාවගේ වීඩියෝවක් ඇමරිකාවෙන් එළියට - මත්පැන් පානය කර සිටියාදැයි සැකයක්

පසුව ඇය නැඟිට ඇවිද යන ආකාරයත්, සිද්ධිය දැක එම ස්ථානයට රැස්වූ පිරිස ඇගේ තත්ත්වය පරීක්ෂා කරන ආකාරයත් එම දර්ශනවල ඇතුළත්. සිද්ධියෙන් සුළු වේලාවකට පසු ටිපර් රථයේ රියදුරා ද රථයෙන් බැස ස්කූටරය පරීක්ෂා කරන ආකාරය වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

එහිදී ඔහු එම ස්ථානයේ සිටි පිරිස සමඟ වාද කරන ආකාරයක් ද දක්නට ලැබෙනවා. පසුව ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්වීමත් සමඟ රියදුරා එතැනින් පලාගොස් ඇති බව වාර්තාවල සඳහන්.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන පරිදි අදාළ ටිපර් රථයේ අංක තහඩුවක් ද තිබී නැහැ. එම රථය වයිජාපූර් ප්‍රදේශයේ මහල්ගාඕන් වැලි වෙන්දේසියට සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ අවසර පත්‍ර නොමැතිව සහ අධික වේගයෙන් ධාවනය වන වැලි ප්‍රවාහන රථ සම්බන්ධයෙන් යළිත් අවධානය යොමුව ඇති අතර, නීති උල්ලංඝනය කරන රථවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”