අධිකරණ භූමිය වටේ මෝටර් රථයෙන් රවුම් ගැසූ කාන්තාවගේ වීඩියෝවක් ඇමරිකාවෙන් එළියට - මත්පැන් පානය කර සිටියාදැයි සැකයක්
ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ අධිකරණ භූමියක මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය කරමින් රවුම් ගැසූ බව කියන 67 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය මත්පැන් පානය කර රිය පැදවූ බවට සැක කෙරෙන අතර, සිද්ධිය දැක්වෙන වීඩියෝවක් ද පොලිසිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
ජෙනිංස් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය නිකුත් කළ එම වීඩියෝවේ දැක්වෙන්නේ අදාළ කාන්තාව පදවාගෙන ගිය මෝටර් රථය අධිකරණ භූමියේ ගස්, විදුලි පහන් කණු සහ බංකුවක් අසලින් අනතුරුදායක ලෙස ධාවනය කරමින් රවුම් ගසන ආකාරයයි.
එහිදී මෝටර් රථය දැන්වීම් පුවරුවක ද ගැටී ඇති අතර, තණකොළ සහිත භූමිය පුරා ටයර් සලකුණු ඉතිරි වී තිබෙනවා. මෙම සිදුවීම සඳුදා දිනයේ සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් 67 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගත් බවත් ෂෙරිෆ් කාර්යාලය සඳහන් කර තිබෙනවා.
බෝට්ටුව ගිල දමන්න ආ මෝරෙක් පියා සහ පුතා පැය භාගයක් පන්නයි - “නිව් සවුත් වේල්ස් වෙරළට ඔබ්බෙන් දිගටම අපේ පස්සෙන් ආවා”
මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවට අමතරව ඇයට එරෙහිව තවත් චෝදනා කිහිපයක් ද ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෙනිංස් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය ජනතාවට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබෙනවා.
රාත්‍රී ආහාරය සමඟ මත්පැන් පානය කර ඇත්නම් රිය පැදවීමෙන් වළකින ලෙසත්, කිසිසේත්ම අධිකරණ භූමියක් මෙලෙස අනතුරුදායක ලෙස රිය පැදවීමට යොදා නොගන්නා ලෙසත් එම කාර්යාලය සඳහන් කර තිබෙනවා.
සිද්ධියට අදාළ වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමඟ මෙම අනතුරුදායක රිය පැදවීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.