බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

Report

කුඹුරුපිටිය රක්ෂිතයේ දර කැඩීමට ගොස් හක්ක පටසක් යැයි නොදැන මවක් විසින් අහුලාගෙන ආ කුඩා පාර්සලයක් ලිහා බැලීමට යෑමේදී එය පුපුරා තුවාල ලැබූ කාන්තාවක් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් වි ප්‍රතිකාර ලබන පුවතක් කොච්චවේලි පොලිස් වසමෙන් වාර්තා වේ .

KPI ගේ මෙරට සහයකයන් තිදෙනෙක් මාට්ටු ..

KPI ගේ මෙරට සහයකයන් තිදෙනෙක් මාට්ටු ..

සතුන්ට අටවා තිබූ මෙම හක්ක පටස් සහිත පාර්සලය මව විසින් අහුලාගෙන විත් සිය දියණියට මෙය විවෘත කර බලන ලෙස ලබාදී ඇති අතර එය විවෘත කිරීමේදී මෙසේ පුපුරා ගොස් ඇති බව පොලිසිය පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .