KPI ගේ මෙරට සහයකයන් තිදෙනෙක් මාට්ටු ..
By Piyumika
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක්ව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හට අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම, වැලිසර සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු විසි 24 ත් 28 ත් අතර පසුවන කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙක් බවයි සඳහන් වනුයේ .
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සෙල්වකුමාර් රංජිත් නැමැත්තා මෙහෙයවා ඇති බවත් අනාවරණය වී ඇත.