එන්නේ ඩුබායි රටේ ඉදලා කියලා ගෙනාපු දේවල් දැකලා ගුවන්තොටුපොළේ අයගේ ඇස් උඩ යයි..

Report

තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග කාන්තාවක් ගුවන් තොටුපොළන් පිට කර යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිදු වීමට ගිය මිනී මැරුමක් අනුනවයෙන් වලක්වා ගත් හැටි ..

සිදු වීමට ගිය මිනී මැරුමක් අනුනවයෙන් වලක්වා ගත් හැටි ..

එහි වටිනාකම රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වේ. ඇය හලාවත බිංගිරිය ප්‍රදේශයේ පදිංචි ඩුබායි හි ගෘහ සේවයේ නිරත වී පැමිණෙමින් සිටි 40 හැවිරිදි කාන්තාවකි.

ඇය ඊයේ (13) පස්වරු 05.15 ට පමණ ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

දුක් විය යුතුද සතුටු විය යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වූ වසර 56කට පසු පැමිණි ආරංචිය ..

දුක් විය යුතුද සතුටු විය යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වූ වසර 56කට පසු පැමිණි ආරංචිය ..

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ වර්ග කිහිපයක විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 125 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 16 දින , මෙම කාන්තාව විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.