ඉන්දීයාව සලිත කරමින් වෘක බියක්..(VIDEO)

India Death World Latest Headlines
By Piyumika Sep 02, 2024 09:04 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ බහරයිච් ප්‍රදේශයේදී වෘකයන් පහරදීම හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ දී තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .එම පහරදීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ දේශපාලන ඉතිහාස පොතට නව පිටුවක් ..

ජර්මනියේ දේශපාලන ඉතිහාස පොතට නව පිටුවක් ..

එමෙන්ම එම වෘකයන් පසුගියද‍ා නව හැවිරිදි පිරිමි ළමයෙකුට ද පහර දුන් බවද බලධාරීන් පවසයි. මෙම වෘක රැළ විසින් මීට පෙර කිහිප දෙනෙකු මරා දමා ඇති අතර, මෙම ඝාතන රැල්ල නැවැත්වීම සඳහා මෙහෙයුමක් දියත් කළ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් සඳහන් කර සිටී .

ඒ අනුව, පසුගිය මාස දෙකක කාලය තුළ බහරයිච් ප්‍රදේශයේදී වෘකයන්ගේ ප්‍රහාරවලින් ළමුන් හත් දෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බව බලධාරීන් පවසයි .

වගාබිමකට යමින් සිටි දෙදරු මවකට සිදුවුනු අනතුර ..

වගාබිමකට යමින් සිටි දෙදරු මවකට සිදුවුනු අනතුර ..

වෘකයන් හතර දෙනෙකු අල්ලාගෙන ඇති අතර, දෙදෙනෙකු තවමත් නිදැල්ලේ සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම බලධාරීන් ඩ්‍රෝන යානා භාවිත කරමින් ඉතිරි වෘකයන් පිළිබඳව නිරීක්ෂණය කරන බව සඳහන්. බලධාරීන් අඛණ්ඩ මුර සංචාරයේ යෙදී සිටින අතර, හැකි ඉක්මනින් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කරන බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එළිමහන් ප්‍රදේශයේ නොනිදා ගෙතුළ නිදා ගන්නා ලෙසයි. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ, මීට පෙර වෘකයන්ගේ ප්‍රහාරයට ලක්වූවන් එළිමහනේ නිදාගෙන සිටි අය බවත්, සතුන් ඔවුන්ගේ පුරුදු වෙනස් නොකරන නමුත් ජනතාවට කල්පනාකාරී විය හැකි බවයි.