සුළං විදුලි ව්‍යාපෘතිය නවත්නවා..ආදානිගෙන් රජයට තර්ජනයක්

Report

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අත්හිටවූ ශ්‍රී ලංකා රජයට, එම සමාගම විසින් මුලින් දරන ලද ඇමරිකානු ඩොලර් මිලියන ගණනක මුදලක් ආපසු ගෙවීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම, යෝජිත සුළං බලාගාර ව්‍යාපෘති දෙකකින් ඉවත්වන බව ශ්‍රී ලංකා රජයට මීට පෙර දැනුම් දී තිබෙනවා.

ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ නව රජය, විදුලිය උත්පාදනය කිරීමේ පිරිවැය අඩු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු සමාගම මෙම තීරණය ගෙන ඇත. අදානි සමඟ ව්‍යාපෘතියට එකඟ වූ පෙර රජය විසින් නියම කරන ලද පිරිවැයට NPP රජය එකඟ නොවීය.

සියලු දේශපාලන නායකයින්ට ලේකම් වූ මිනිසාගේ නික්මයාම

සියලු දේශපාලන නායකයින්ට ලේකම් වූ මිනිසාගේ නික්මයාම

අදානි සමාගම මන්නාරම සහ පූනරීන් යන උතුරු පළාතේ නගරවල සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 442ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබුණි.

මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක විදුලියක් එක් කිරීමට අපේක්ෂා කෙරිණි.

අදානි සමාගමේ බලධාරීන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය (SEA) සමඟ සිදු කරන ලද පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් දැරූ වියදම් ආපසු ගෙවන ලෙස ඉල්ලා රජයට ලිපියක් යවා ඇත.

සිසු සැරිය ගාස්තු ඉහළ දැමීමට රජයේ සැලසුමක්

සිසු සැරිය ගාස්තු ඉහළ දැමීමට රජයේ සැලසුමක්

කෙසේ වෙතත් සියලු වියදම් ආවරණය වන පරිදි තවමත් නිශ්චිත මුදලක් සමාගම විසින් දක්වා නොමැත.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙම වන්දි ගෙවීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට, ඉහළ පෙළේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට නියමිත බවයි.

“කිසියම් ගෙවීමක් තිබේ නම්, එය සිදු කරනු ලබන්නේ කැබිනට් අනුමැතියෙන් පමණයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

පරීක්ෂණ තොරතුරු පුද්ගලික සමාගමකට භාරදීමේ සැලසුමක්

පරීක්ෂණ තොරතුරු පුද්ගලික සමාගමකට භාරදීමේ සැලසුමක්

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න