පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුරු බුද්ධි අංශ සඟවා තිබෙනවා - අධිකරණයේදී දැවැන්ත හෙළිදරව්වක්

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ලැබී තිබියදීත්, යුද හමුදා බුද්ධි අංශය එම තොරතුරු සඟවා ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

NPPට ඩයස්පෝරා මුදල් ලැබුණ හැටි ගැන ඇමති නලින්ද කට අරී

NPPට ඩයස්පෝරා මුදල් ලැබුණ හැටි ගැන ඇමති නලින්ද කට අරී

සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා ගැන අධිකරණයෙන් නියෝග

සැකකාර සුරේෂ් සලේ මහතා ජුනි 7 වැනිදා සිට දින 100ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටීම සම්බන්ධයෙන්ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රශ්න කළේය.   

ඔහු සඳහන් කළේ සැකකරුගේ වෛද්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, එම තත්ත්වය විමර්ශන කටයුතු සඳහා බලපාන බවත්ය.

සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබූ වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේය.

එමෙන්ම සැකකරුගේ මානසික තත්ත්වය සහ ඔහු වධහිංසාවට ලක්ව ඇත්ද යන්න සොයා බැලීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවද මෙතෙක් ලැබී නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.

ඒ අනුව සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට සුරේෂ් සලේ මහතා සම්බන්ධ සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය.

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

සා.පෙළ සඳහා නව නීතියක් - මේ විෂයින් සමඟ විෂයන් ගණන අඩු කරයි

බුද්ධි අංශයට පූර්ව තොරතුරු ලැබී තිබූ බවට චෝදනා

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශයට ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු කිහිපයක් ලැබී තිබූ බවයි.   

වව්නියාවේ පිහිටි යුද හමුදාවේ පළමු සන්නද්ධ බුද්ධි බලකායට තොරතුරු ලබාදුන් බව කියන පුද්ගලයෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ඔහු පැවසීය.

අදාළ තොරතුරුකරු 2014 වසරේ සිට අන්තවාදී ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් යුද හමුදාවට තොරතුරු ලබාදී ඇති අතර, පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර මෙන්ම ප්‍රහාරයට පෙර දිනයේද ඒ සම්බන්ධයෙන් දැනුම්දී තිබූ බව අධිකරණයේදී සඳහන් විය.

එහෙත් එම තොරතුරු අනෙකුත් ආරක්ෂක අංශ සමඟ නිසි පරිදි හුවමාරු කර නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

"වත්මන් පාලකයන්ට ඉතිහාසය මතක නැහැ" - පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්

"වත්මන් පාලකයන්ට ඉතිහාසය මතක නැහැ" - පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්

සහරාන් සම්බන්ධ තොරතුරු සඟවා ඇති බවටත් චෝදනා

සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු සඟවා ඔවුන්ට ආරක්ෂාව සැපයීමට යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් කටයුතු කළ බවටද චෝදනා ඉදිරිපත් විය.

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන වෙනත් දිශාවකට යොමු කිරීමට එම පිරිස් කටයුතු කළ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම ගිරිතලේ බුද්ධි කඳවුර භාරව සිටි කර්නල් මද්දුමගේ මහතා විසින් සහරාන් සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබූ බවද අධිකරණයේදී කියැවිණි.   

රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ල දැකලා ඩඩ්ලි සිරිසේනගෙන් හෘදයාංගම සටහනක්- "සැලෙන්න එපා පුතා, අපි ඔයා එක්ක ඉන්නවා ''

රුමේෂ් තරංගගේ කැඩුණු හෙල්ල දැකලා ඩඩ්ලි සිරිසේනගෙන් හෘදයාංගම සටහනක්- "සැලෙන්න එපා පුතා, අපි ඔයා එක්ක ඉන්නවා ''

රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධයෙන්ද ප්‍රශ්න

පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර මහතා විසින් අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා වෙත යොමු කර තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

එම ලේඛනයේ සහරාන් හා රිල්වාන් ඇතුළු පසුව ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ නම් ඇතුළත් වූ බවද සඳහන් විය.

අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර එම අවස්ථාවේදී නොගත් බවටද අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

අර්චුනාගේ ප්‍රකාශයෙන් දේශපාලන පිටිය ගිනිගනී - නීතිමය පියවර ගැනීමට සූදානම්

සයින්දමරුදු සිද්ධිය පිළිබඳවත් විමර්ශන

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව 2019 අප්‍රේල් 27 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ට සමීප පුද්ගලයන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී ඔවුන් සියලුදෙනාම මියයාමට ඉඩ හැරියේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.   

සලේගේ නීතිඥවරයා චෝදනා ප්‍රතික්ෂේප කරයි

මේ අතර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අධිකරණයට ඉදිරිපත් වන බී වාර්තාවල සඳහන් කරුණු පමණක් සාක්ෂි ලෙස සැලකිය නොහැකි බවයි.

තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් වෛද්‍ය වාර්තා කැඳවා, නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය යටතේ ඒවා සලකා බලන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කරුණු කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  

නඩුව යළි සැප්තැම්බර් 22 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතය.   

මැදපෙරදිග ගිනි ගනී… බිටුමන් නැතිව ලංකාවේ පාරවල් හිරවෙයි - ජනපතිගෙන් අනාවරණයක්

මැදපෙරදිග ගිනි ගනී… බිටුමන් නැතිව ලංකාවේ පාරවල් හිරවෙයි - ජනපතිගෙන් අනාවරණයක්