"ශානිටයි රවීටයි විතරක් ෆුල් රක්ෂණයක් ලැබුණේ කොහොමද?විමල්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම පසුගිය දා නියම කර තිබේ .
මේ ගැන සමාජයේ මෙන්ම දේශපාලන කරළිය තුළද බොහෝ කතා ඇසුණි . මේ ගැන විමල් වීරවංශ මහතා සදහන් කළේ මෙවැන්නක්
''අධිකරණ තීන්දුවක් අපට ප්‍රශ්න කරන්න බැරි කමක් නෑ . ඒ තීන්දුව වැරදිනම් ඉහළ උසාවියට යන්න පුළුවන් මම කියන්නේ නෑ වරදක් කරලා නෑ කියලා. වරදේ නොකර සිටීමට මරණ දඩුවමනම් කිරීමට මොකද්ද දෙන දඩුවම ඉල්හාන් අහමඩ් , මොහොමඩ් තාත්තා . මේ තාත්තා දැනුවත්ව පුත්තු දෙන්නා එළියට ගියේ මරාගන මැරෙන ඇදුම් කට්ටලයක් ඇදගන .පොලීසිය ගෙදරට යද්දී ලේලිත් මරාගන මැරුණා .මේ තාත්තා බබාද ? ලේලි බෝම්බයක් බඩේ බැදගන ඉන්නවා කියලා දන්නේ නැද්ද? එහෙම තාත්තා ගෙදර නොකිරීමේ වරදට හිටපු පොලිස්පතිට මරණ දඩුවම මෙතන අපභ්‍රංශ ගතියක් නැද්ද? ඇයි ශානිගෙ නම දැම්මේ නැත්තේ ඇයි රවීගෙ නම දැම්මේ නැත්තේ ඇයි? ශානි නොකර සිටීමට අයිති නැද්ද? රවී ලියුම කඩන්න එපා කියලා රට ගිය මිනිහා අයිති නැද්ද? මාලිමාවේ වේදිකාවට නැගපු හින්දා රවීට සහ ශානිට ෆුල් රක්ෂණයක් තියනවා ඒක රජයේ රක්ෂණයක් . ඒක පූජිතට ගන්න බැරු වුණා ''