''සොරකම් නවත්වන්න ආපු ආණ්ඩුව ගල් අගුරු වලින් හොරකම් කරලා, ආණ්ඩුවට කට උත්තර නෑ'' විමල්ගෙන් චෝදනා

Report

බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව පාර්ලිමෙන්තුවට විදුලිබල මණ්ඩලය පෙන්වා දී තිබුණත් ඊට වඩා වැඩි පාඩුවක් රටට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ.

එතුමා මේ අදහස් පළකලේ ඊයේ (පෙබ. 22) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එතුමා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙන පාඩුව ගණනය කර තිබෙන්නේ බාල ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඇති වන පාඩුව බවයි .

නමුත් බාල ගල් අඟුරු නිසා පරිසරයට සිදුවන හානියට අදාළ පාඩුව, නියමිත ප්‍රමාණයට වඩා අළු පරිසරයට එකතුවීමෙන් සිදුවන පාඩුව, නොරොච්චෝල අවට ප්‍රදේශවලට සිදුවන බලපෑම් හෝ බලාගාරයට අනාගතයේ සිදු විය හැකි බලපෑම් හෝ විදුලි කප්පාදුවකට ගියහොත් ඉන් සිදුවන පාඩුව ගණනය කර නොමැති බවත් විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ .

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

''බෙහෙත් හේත් ගන්නවත් සල්ලි නැති මන්ත්‍රිවරු ඉන්නවා ''අහෝසි කළ මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මෛත්‍රි කට අරියි

මුළු රටේම කතාබහහට ළක්ව තිබෙන දී තිබෙන මෙම සිද්ධිය ආණ්ඩුවට කට උත්තර නැති වී තිබෙන බව ත් මෙය මෑත ඉතිහාසයේ සිදුවන ලොකු ම වංචාව හා හානිය සිදුකිරීමට නියමිත සිද්ධිය බවත් පක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

ඒ වගේම එතුමා සදහන් කළේ දැනට ප්‍රකාශ කරන පාඩුවට වඩා තුන් හතර ගුණයක පාඩුවක් රටට සිදුවන බව ත් මේ වන විට ගල් අඟුරු නැව් අටක් මෙරටට ගෙන්වා තිබෙන බවයි.

   පළමු වරට ගෙන් වූ බාල ගල් අඟුරු නැව් හතරට වඩා දෙවන අවස්ථාවේදී ගෙන් වූ ගල් අඟුරු බාල බවට හෙළි වී තිබෙන වගත් එතුමා මෙහිදී සිහිපත් කර ඇත.

  තව දුරටත් පක්ෂ නායකවරයා සදහන් කළේ ගල් අඟුරු නැව් හතරකට අදාළව සිදු කළ දඩ ගැසීමෙන් පසු පාඩුව රුපියල් බිලියන දෙකක් බවට හෙළිවන බව ත් පළමු දෙවන නැව් පැමිණෙන විට ගල් අඟුරු බාල බවට හෙළිවන බවයි.

එම අවස්ථාවේදීවත් අදාළ සමාගමෙන් ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ගෙන්වන ලෙස ඉල්ලීමක් සිදුනොකළ බව ත් මේ අනුව පහේ සිට අට දක්වා නැව්වලින්ගෙන් වූ ගල් අඟුරු මුල් අවස්ථා හතරේදී පැමිණි ගල් අඟුරුවලට වඩා ප්‍රමිතියෙන් තොර වූ බවත් පක්ෂ නායක වරයා ප්‍රකාශ කර තිබේ.

  තවද මේ පිළිබද අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ 09 වන ගල්අඟුරු නැවත ගොඩබාමින් තිබෙන බව ත් තවත් නැව් 15 පැමිණීමට නියමිත බව ත් බාල ගල් අඟුරු නිසා බලාගාරයට හානි සිදුවුවහොත් බලාගාරය සකස් කර ගැනීමට මාස 06කට වැඩි කාලයක් ගත වන බවයි