කොළඹ වරායේ පොහොර ටෙන්ඩරය පාතාලය සතු වෙයි ද?

By Parami Dissanayake Jun 12, 2024 02:44 PM GMT
Report

හෙට (13 වැනිදා) කොළඹ වරායේ පැවැත්වෙන පොහොර කන්ටේනර් 11 ක ටෙන්ඩරයක් වරායේ භීෂණය පතුරුවන පාතාල කල්ලි විසින් සියතට ගැනීමට සූදානම් වන බව වරාය ආරංචි මාර්ග විසින් සඳහන් කරනු ලබනවා.

ඒ අනුව, වරායේ නිලධාරීන්ගේ සහාය ඇතිව අඩු මිලකට වෙන්දේසි කර වරාය තුළ දීම පොහොර වෙළෙඳුන්ට දෙවැනි වරට (සෙකන්ඩ් සේල් ක්‍රමයට) වැඩි මුදලකට විකුණා ලාභ ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය පිළිබඳ ජනපති අදහස් දක්වයි...

ජනාධිපතිවරණය පිළිබඳ ජනපති අදහස් දක්වයි...

මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ, මෙවරද ටෙන්ඩරය සඳහා ඉදිරිපත් නොවන ලෙස පොහොර වෙළෙඳුන් කිහිප දෙනකුටම වරායේ භීෂණය පතුරුවන කණ්ඩායම් අනතුරු හඟවා ඇති බවයි.

මෙලෙස ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කර ඇත්තේ, පොහොර ගෙන්වීම සීමා කළ සමයේ ගෙන්වා වරායෙන් මුදා ගැනීමට අසමත් වූ පොහොර කන්ටේනර් දහයක් බව වාර්තා වේ.

ඡන්දය ගැන තවත් පෙත්සමක්...

ඡන්දය ගැන තවත් පෙත්සමක්...