ආයෙත් පෝලිම් එයිද ? පැය 24 පුරා සේවය හෙටින් අවසන්

Report

2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ පැය 24 පුරාවට ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.   

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිදු කරනු ලැබේ.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාල සීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ .

UPDATE - මහින්දානන්දට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්..

UPDATE - මහින්දානන්දට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්..

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙ.ව. 7:00 සිට ප.ව 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලැබේ .