ටීච අම්මා අද දිනයි ද ?
පහ වසර ශිෂ්‍යත්ව උපකාර පන්ති පවත්වනු ලබන, හයේෂිකා ප්‍රනාන්දු නමැත්තියගේ පහරකෑමට ලක් වූ ,තරුණයා ට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව අද දින (21) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසට කටාන පොලිසියට, නියෝග කරනු ලැබුවා.
ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය තරුණයකුට පහරදීමේ සිද්ධියට අදාළව පහරකෑමට ලක් වූ තරුණයා අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ චෝදනාවට ලක් වූ හයේෂිකා ප්‍රනාන්දු විසින් අදාළ තරුණයා තම ආයතනයේ සේවය කරනු ලබන නවක සේවිකාවකට අකටයුතුකම් කිරීමට උත්සාහ කළ බවට සඳහන් කරමින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීම හේතුවෙන්.
එම පැමිණිල්ලට අනුව එම තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව මැයි 17 වැනිදා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට යි අධිකරණය නියම කර සිටියේ.
මෙම 19 හැවිරිදි වියෙහි පසුවුණ සැකකාර තරුණයා අදාළ උපකාරක පන්ති ගුරුවරියගෙන් අඩත්තේට්ටමට ලක් වූ බවට පවසමින් කටාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා හයේෂිකාගේ ස්වාමිපුරුෂයා සහ ආයතන භාර කළමණාකරුද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
සිද්ධියට අදාළව පොලිසියෙන් වසන් වී සිටි හයේෂිකා ප්‍රනාන්දු දින කිහිපයකට පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී අධිකරණය නියෝගක් නිකුත් කරමින් ඇය ඇතුළු සෙසු සැකකරුවන් ව ඇප මත මුදා හැරීමට කටයුතු කරන ලදී .
මීට අමතරව මෙම සිදුවීමේ දී කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අනුදැනුමකින් තොරව තොරතුරු මාධ්‍යයට ලබාදීම සහ මෙම සිදුවීමේ දී ස්ථානාධිපතිවරයා ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ද විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
