රිජ්වේ රෝහලේ පිහි පහරට හේතුව හෙළිවේ

By Mithu May 20, 2025 05:24 PM GMT
Report

අද (20) පෙරවරු 11ත් 12ත් අතර කාලයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන්වැනි මහලේ පිහිටි හත්වැනි වාට්ටුවේ සාත්තු සේවිකාවන්ගේ නිල කාමරය වෙත පැමිණි පුද්ගලයෙකු සේවිකාවන්ගේ මුදල් පසුම්බි සොරාගෙන තිබේ.

අඩු ආදායම්ලාභීන්ගේ බඩට ගහන්න යන දේශීය ආදායම් පනත..

අඩු ආදායම්ලාභීන්ගේ බඩට ගහන්න යන දේශීය ආදායම් පනත..

අනතුරුව අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලායෑමේදී සුළු සේවකයෙකු ඔහුව අල්ලාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී සිය බෑගයේ තිබූ පිහියකින් සුළු සේවකයාගේ හිසට පහරදී රෝහලේ පිටුපස තාප්පයෙන් පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූ රෝහල් සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. බොරැල්ල පොලීසිය පැවසුවේ, සැකකාර පුද්ගලයා රෝගීන් බලන මුවාවෙන් රෝහලට ඇතුළු වී ඇති අතර ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවය. සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න

STF කණ්ඩායම් 15ක් යොදවාගෙන අලුත් මිෂන් එක මෙන්න