මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට අලුතින්ම එන්න යන දේ මෙන්න

Report

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි වනජීවි කාර්යාලයක් පිහිටුවීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්සන් තබා ඇති බව සඳහන්.

ඒ අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහි මූලික අරමුණ නම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා තිබෙන ජෛව විවිධත්ව පරිසරය ඇතුළු සත්ත්ව උපද්‍රව පාලනය කිරීමයි.

එසේම ගුවන් තොටුපළ සේවා සහ මෙහෙයුම් සුරක්ෂිත කිරීම ද මෙහි අරමුණක් වේ.

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

ඉදිරි පැය 36 ගැන දැනුම්දීමක් - හෙට 1න් පසු වෙන්නේ මේකයි

ඒ සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර සිදුව ඇත.

අඳාළ සමාගමේ වැඩබලන අධ්‍යක්ෂ ඩබ්ලිව් ඩබ්ලිව් එස් මංගල මහතා සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ යන මහත්වරුන් ඊට අත්සන් තබා තිබෙනවා.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් විය.

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

ආණ්ඩුවේ ලොක්කෝ රැසක් රට පනින්න සැරසෙයි - ආන්දෝලනාත්මක අනාවරණයක්

ආණ්ඩුවේ ලොක්කෝ රැසක් රට පනින්න සැරසෙයි - ආන්දෝලනාත්මක අනාවරණයක්

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්