බදුල්ල පුංචි ශ්‍රී පාද කන්ද අවට ගින්නක් - අක්කර 100ක් විනාශයි

Report

බදුල්ල පුංචි ශ්‍රී පාද කන්ද, බෝඹුරුඇල්ල සහ බඹරකන්ද දියඇල්ල රක්ෂිත ප්‍රදේශවල හටගත් හදිසි ගිනිගැනීම් හේතුවෙන් අක්කර සියයකට ආසන්න ප්‍රදේශයක් දැවී විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුගල්පිටිය පුංචි ශ්‍රී පාද කන්ද රක්ෂිතයේ ඊයේ (23) රාත්‍රියේ මෙම හදිසි ගින්න හටගෙන තිබේ.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ගින්න වාර්තා වීමත් සමඟ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, බදුල්ල ඇළදළුව යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත විය.

කෙසේ වෙතත්, ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක පරිදි නැවත් තෙල් මිලේ සංශෝධනයක් - අද වාර්තා වෙන ඉහලම අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවත් තෙල් මිලේ සංශෝධනයක් - අද වාර්තා වෙන ඉහලම අගයන් මෙන්න

මේ අතර, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝඹුරුඇල්ලට ඉහළින් පිහිටි කඳපොළ සීතාඑළිය රක්ෂිතයේ ද හදිසි ගින්නක් හටගෙන ඇත.

එම ගින්න පාලනය කර නිවා දැමීම සඳහා වැලිමඩ අඩවි වන නිලධාරීන් සහ නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.