වහාම ක්‍රියාත්මක පරිදි නැවත් තෙල් මිලේ සංශෝධනයක් - අද වාර්තා වෙන ඉහලම අගයන් මෙන්න
මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික හා සන්නද්ධ අර්බුදය යළිත් වරක් දැඩි ලෙස උග්‍ර වීමත් සමඟ, මාස 2ක කාලසීමාවකට පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 100.6ක් ලෙසයි.
එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 92.13 දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
කලාපීය ප්‍රවාහන මාර්ගවල හටගෙන ඇති අවදානම් තත්ත්වය සහ තෙල් නිපදවන ප්‍රධාන රටවල සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට සෘජුවම හේතු වී ඇත.
මැදපෙරදිගින් සිදුවන තෙල් සැපයුම අඩාල වේ යැයි පවතින බිය හමුවේ ජාත්‍යන්තර ආයෝජකයින් තෙල් මිලදී ගැනීම් ඉහළ දමා ඇති අතර, මෙය ඉදිරියේදී ගෝලීය උද්ධමනය ඉහළ යාමට මෙන්ම ඉන්ධන මත යැපෙන නැගී එන ආර්ථිකයන් සහිත රටවලට දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති බවට ආර්ථික විෂ්ලේෂකයින් අනතුරු අඟවයි.