වාලච්චේනේ ලොකු කලබලයක්.. කෙනෙක් මරුට - තුනක් රෝහලේ

Report

මඩකලපුව, වාලච්චේනේ නගරයට වන අලි දෙදෙනෙකු කඩාපැනීමෙන් කලබලකාරී වාතාවරණයක් උදාවිය.

අද (13) පෙරවරුවේ සිදුවූ මෙම සිදුවීමේදී වන අලි දෙදෙනා පහර දුන් සිවුදෙනෙකුගෙන් කාන්තාවක් මිය ගොස් ඇති අතර, අනෙකුත් තිදෙනා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාව 68 හැවිරිදි වියේ පසුවූ අයෙකු වන අතර, ඇය ආහාර අලෙවිසැලක වෙළඳාම් කරමින් සිටියදී වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බව ප්‍රාදේශීය වාර්තාකරු පැවසීය.

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් තිදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ ලෙස වාර්තා වේ.

වන අලින් මිනිසුන්ට පහර දීමේ සිදුවීම් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෑතකාලීනව වැඩි වෙමින් පවතින අතර, මෙම ප්‍රදේශයේ වනජීවීන් සහ මිනිසුන් අතර ගැටුම් උත්සන්න වී ඇති බව පෙනේ.

ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් කාලවේලාවන්හිදී සැලකිලිමත්ව සිටීම, වනජීවීන් දක්නට ලැබුණහොත් වහාම ආරක්ෂිත ස්ථානයකට යාම සහ වනජීවී දෙපාර්තමේන්තුව හෝ පොලිසියට දැනුම් දීමයි.

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ

ඉදිරි පැය 24 තීරණාත්මකයි - දිස්ත්‍රික්ක දෙකක් අවදානම් ලැයිස්තුවේ

මළ සිරුරු එළිමහනෙ.. තංගල්ල රෝහලෙන් ඇඟ කිළිපොලන කතාවක් එලියට

මළ සිරුරු එළිමහනෙ.. තංගල්ල රෝහලෙන් ඇඟ කිළිපොලන කතාවක් එලියට