මළ සිරුරු එළිමහනෙ.. තංගල්ල රෝහලෙන් ඇඟ කිළිපොලන කතාවක් එලියට

Report

තංගල්ල මූලික රෝහලේ මෝචරියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා මළ සිරුරු මෝචරියේ ගොඩනැගිල්ලේ ඉදිරිපිට තැබීමට රෝහල් පාලනාධිකාරියට සිදුවිය.

එහි සීත කරන ප්‍රමාණවත් නැතැයි ද පවසති. එහි ශීතකරණ දෙකක් පැවතියද ඉන් එක් සීතකරණයක් මේ වන විට අක්‍රිය වී ඇතැයි කියති. දැනට භාවිතයට ගනු ලබන්නේ එක් සීතකරණයකි.

එහි මළ සිරුරු දෙකක් පමණක් ගබඩා කළ හැකි බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අවට රෝහල්වලින් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා තංගල්ල රෝහලට ලැබී තිබුණු අතර ඒ හේතුවෙන් මෙලෙස මළ සිරුරු විවෘත ස්ථානයක තැබීමට සිදුව තිබේ

එම මළ සිරුරුවලට අයිෂ් යොදා තැබීමටද රෝහල් කම්කරුවන්ට සිදුව තිබුණි.

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

කෘතහස්ත දේශපාලනඥයෙකු දිවි සැරිය නිම කරයි

ලබන ඉරිදා කොළඹට විශේෂ ආරක්ෂාවක්, හේතුව මෙන්න

ලබන ඉරිදා කොළඹට විශේෂ ආරක්ෂාවක්, හේතුව මෙන්න