විජිතගේ සංචාරයෙන් නවසීලන්තය ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව දීමට එකඟ වෙයි
ඉකුත් දින අවසන් වූ නවසීලන්ත සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත කණ්ඩායම නවසීලන්ත පාර්ලිමේන්තුව නැරඹීමට එක් වූ අතර එහිදී ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එතුමා සමඟ පාර්ලිමේන්තුව නැරඹීමට එක් වූ කණ්ඩාරයම නවසීලන්ත කතානායකවරයා විසින් පිළි ගෙන තිබුණා.
ඊට අමතර ඕස්ට්‍රේලියානු සංචාරයේ දී එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සජීවී "ප්‍රශ්න විමසීමේ වේලාව" නැරඹීමට ද අමාත්‍යවරයා එක් ව සිටියා.
එහි දී ද අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියානු කථානායකවරයාගේ විශේෂ පිළිගැනීමට ලක් වූ අතර පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කිරීමට අමතරව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් (Milton Dick) මහතා හමුවී, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා පුළුල් කිරීම පිළිබඳව වැදගත් එකඟතාවන් ද මෙම සංචාරයේදී ඇති කර ගෙන ඇත.
පාසල් අධ්‍යාපනයම උඩුයටිකුරු වෙයි - පාසල් සිසුන්ට සුභ ආරංචියක් - පාසල් ඉගෙනුමට ඩිජිටල් උපාංග වැඩපිළිවෙළක් ගැන අගමැතිනිය කියයි
එමෙන්ම ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර හවුල සමඟ ද සාකච්ඡාවකට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට, සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය අගය කිරීමට මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සභාපතිනී කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මන්ත්‍රීතුමිය ලබා දෙන නායකත්වය බෙහෙවින් අගය කිරීමට ද කටයුතු කළ බව සඳහන්.
එහිදී තවදුරටත් හවුල්කාරිත්වයන් වෙනුවෙන් ඇති අවස්ථා ගවේෂණය කිරීමට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර හවුලට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ආරාධනා කර ඇති බව සඳහන්.
සලේට අසාධ්‍යයි - අත් දෙකටම සේලයින් ගහලා.. ළං වෙන්න දුන්නේ නෑ එයා කැමතියි ඇස් දන් දෙන්න - බිරිඳ කියයි
මේ අතර නවසීලන්ත සංචාරයේ දී ඕක්ලන්ඩ් සහ ක්‍රිස්චර්ච් විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් වන මහාචාර්ය Grant Edwards සහ මහාචාර්ය Frank Bloomfield සමඟ පැවැති සාකච්ඡා ඔස්සේ ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා ගැනීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සහයෝගීතාවන් ගොඩනැඟීමටත් එකඟතාවන් ඇතිකර ගෙන තිබෙනවා.
එසේම නවසීලන්තයේ ක්‍රිස්චර්ච් භූමිකම්පාවෙන් මියගිය 185 දෙනා සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කර ඇත.
විජිතගේ සංචාරයෙන් නවසීලන්තය ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව දීමට එකඟ වෙයි by kaushalyalakshani538

