බිරිඳගේ අනියම් හාදකමක්.... පවුල් දෙකේම අය මරාගනී
By Akash
තම බිරිඳගේ අනියම් සබඳතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකීමෙන් කුපිත වූ සැමියකු බිරිඳට පොල්ලකින් හා කැත්තකින් පහරදී බරපතළ තුවාල සිදු කර ඇත.
පසුව බිරිඳගේ දෙමාපියන් සැකකරු සමග ඇති කර ගත් ගැටුමකින් අනතුරුව දෙපිරිසම බරපතළ තුවාල සහිතව ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති පුවතක් ත්‍රිකුණාමලය පොලිසියෙන් වාර්තා වෙයි.
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කොට ඇත්තේ ත්‍රිකුණාමලය කෙනිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
මෙම සිද්ධියට මුල්වී ඇති සැමියාගේ වැඩිමහල් සොහොයුරිය පොලිස් භාරයට ගෙන ඇති අතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.