දෙයියනේ ඇඟත් එක්ක හිරිවැටෙනවා නීත්‍යානුකූල බිරිඳ එක්ක ඉන්නවා කියලා අනියම් බිරිඳ පෙම්වතාගේ ලිංගය කපලා
තම විවාහක පෙම්වතා තවමත් නීත්‍යානුකූල බිරිඳ සමඟ සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරමින් අනියම් බිරිඳ ඔහුගේ ලිංගය කපාදැමූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
අඳාළ සිදුවීමෙන් පසු නිරුවත් පෙම්වතා වීදිවල ලේ ගලමින් කෑගසනු දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එසේම විවාහක පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙන අතරතුරදී අනියම් බිරිඳ විසින් මෙසේ පෙම්වතාගේ ලිංගය කපා ඉවත් කර ඇත.
මෙම අපරාධය සිදුකළ කාන්තාව, වින්ඩි සින්තියා නම් 28 හැවිරිදි කාන්තාවක් වේ.
ඇය මෙවැන්නක් කළේ ‘ඔහුට පාඩමක් ඉගැන්වීමට’ අවශ්‍ය වූ නිසා බව පසුව පවසා ඇති බව වාර්තා වේ.
කට්ටඩියා තැඹිලි වතුර බොන්න දීලා කාන්තාවක් බරපතළ ලෙස අපයෝජනය කරලා - අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරලා
තම විවාහක පෙම්වතා වන 32 හැවිරිදි කර්සිලාන් උටාමිගේ ලිංගික අවයව කපා දැමූ බවට වින්ඩි පාපොච්චාරණය කර ඇති බව සඳහන්.
අඳාළ යුවළ 2019 මුල් භාගයේදී පෙම් සබඳතාවක් ආරම්භ කර තිබෙන අතර, කර්සිලාන් 2019 අගභාගයේදී වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී ඇත.
එසේ වුවත් ඔහු වින්ඩි සමඟ අනියම් සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇත.
කර්සිලාන් විසින් වින්ඩිට සතිපතා ලබාදුන් ඉන්දුනීසියානු රුපියාහ් 200,000ක මුදල් ගෙවීම් අඩුවීමට පටන් ගැනීම තුළින් ඇය තුළ කෝපසහගත සිතුවිලි ඇතිවීමට මූලික වී තිබෙන බව සඳහන්.
එමෙන්ම කර්සිලාන් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට නව යතුරුපැදියක් මිල දී ගැනීම සහ බිරිඳ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකිරීම ඔස්සේ වින්ඩිට ඊර්ෂ්‍යාව ඇති වූ බව ද මාධ්‍ය වාර්තා දක්වයි.
ඒ අනුව එහි දැක්වෙන්නේ වින්ඩි සතියක් පුරා මෙම ප්‍රහාරය සඳහා සැලසුම් කර ඇති බවයි. පසුගිය ඔක්තෝබර් 19 වන දින, ඇය කර්සිලාන්ව සුමාත්‍රා හි බණ්ඩර් ලම්පුං හි පිහිටි හුදකලා බිමකට රවටාගෙන ගොස් ඇත.
පසුව ඔවුන් ලිංගිකව හැසිරෙන අතරතුරදී වින්ඩි තම බෑගයේ තිබූ ඉතා කුඩා මුවහත් පිහියක් භාවිතා කරමින් ඔහුගේ ලිංගය කපා ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලිංගය කපා ඉවත් කිරීමෙන් අනතුරුව කර්සිලාන් ලේ ගලමින් සහ කෑගසමින් නිරුවතින් වීදිවලට දිවයාමේදී ප්‍රදේශවාසීන්ගේ උපකාරයෙන් ඔහු වහාම රෝහලකට ඇතුළත් කර ඇත.
මේ අතර ශල්‍ය වෛද්‍යවරුන් විසින් කපා දැමූ කොටස යළි බද්ධ කිරීමට සමත් වී ඇති බවද පවසයි. එසේම ප්‍රහාරයෙන් පසු වින්ඩි පිහිය ඉවත දමා නිවසට ගොස් ඇත.
ඒ අනුව ඇයව ඉකුත් ඔක්තෝබර් 21 වන දින පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම පසුගිය ඔක්තෝබර් 22 වන දින පැවති මාධ්‍ය හමුවකදී වින්ඩි මෙම අපරාධය පාපොච්චාරණය කර තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශය කර ඇත්තේ "මම කළ දේ ගැන මට ටිකක් පසුතැවීමක් දැනුණා, නමුත් බොහෝ දුරට දැනුණේ තෘප්තියක්. කොහොම නමුත් අවසානයේ මම සෑහීමකට පත්වෙනවා." යනුවෙන්.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ සම්බන්ධතාවය සැමියා සහ බිරිඳ වැනි වූවද ඔහු දිගින් දිගටම බොරු කී බවත්, ඔහු තම බිරිඳට සහ ඇයට වෙනත් කාන්තාවන් සමඟ සබඳතා පවත්වා වංචා කළ බැවින් එය තමාට දැඩි වේදනාවක් සහ කෝපයක් ඇති කළ බවයි.
කෙසේ වුවත් බරපතළ ශාරීරික තුවාල සිදුකිරීම, හිතාමතා පහරදීම් සම්බන්ධයෙන් වින්ඩිට චෝදනා එල්ල වී ඇති අතර ඉන්දුනීසියානු නීතිය යටතේ මෙම චෝදනාවට උපරිම ලෙස වසර හතක සිර දඬුවමක් නියම කළ හැකි වේ.
එමෙන්ම වින්ඩිට වයස අවුරුදු අටක දරුවෙකු සිටින බැවින් ඇගේ මව සිරගත කිරීම කල්දමන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.