කට්ටඩියා තැඹිලි වතුර බොන්න දීලා කාන්තාවක් බරපතළ ලෙස අපයෝජනය කරලා - අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරලා
කාන්තාවකට බරපතල ලිංගික අපයෝජන සිදු සිදුකර එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරියා යැයි කියන සිද්ධියට අදාළ කට්ටඩියෙකු පොලිසිය මගෙන් අත්අඩංගුවට ගෙන තිබේ.අදාල කට්ටඩියෙකු සහ එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පුද්ගලයා තුනටිය සහ කකුල් වල කැක්කුම සුව කිරීමට තෙල් සාත්තුවක් කරන මුවාවෙන් වයස අවුරුදු තිස් අටක විවාහක කාන්තාවක් මෙලෙස බරපතල ලිංගික ආපයෝජනයට ලක් කර තිබෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මත කරුණු දක්වමින් ඇහැළියගොඩ පොලිසිය සඳහන් කොට ඇත්තේ සැකකරුවන් පළමුව පැමිණිලිකාරියගේ නළලේ තෙල් වර්ගයක් ගල්වා තිබුණි.
ඉන්පසු සැකකරුට දන්වා තිබුනේ තමන් පැමිණියේ තැඹිලි ගෙඩියක් මතුරා ගැනීමට බවත් පැමිණිල්ලේ සඳහන්. ඊට පස්සෙ සිද්ධ වෙච්ච කිසිම දෙයක් ඇයට මතක නැත. ඇය සිහි විකල් වී සිටි අතර සිහිය පැමිණි පසු සැකකරුවන් තමන්ට තැඹිලි ගෙඩියක වතුර පානය කිරීමට ලබා දුන් බවත් ඇය සිය පැමිණිල්ලෙන් දක්වා තිබෙන බව පොලිසිය අධිකරණයට දැනුම් දෙයි.
ඉන් දින කිහිපයකට පසුව තමාගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බවට සිය හිතවතියක තමන්ට දැනුම් දුන් බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් දක්වා තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත භාරයේ තබන ලෙසට මෙහිදී පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥවරුන් පැවසුවේ මෙම සිද්ධියේ පැමිණිලිකාර කාන්තාව සිහි විකලත්වයට පත් කොට නිරුවත් කර ඇය අපයෝජනය කර වීඩියෝ කළ බවට සිය සේවාදායකයින්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
සියල්ල සිදුව ඇත්තේ පැමිණිලිකාර කාන්තාවගේ කැමැත්තෙන් බවද පවසා සිටි නීතිඥවරුන් ඒ බව සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝ පටය නැරඹීමෙන් මනාව වටහා ගත හැකි බවයි පවසා සිටියේ. ඒ අනුව සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු දැක්වීම් සැලකිලල්ට ගත් අධිකරණය සැකකරුවන් යළි රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් ඔවුන් ශරීර ඇප මත මුදා හරින්මන් සිද්ධියට අදාළ පරීක්ෂණ ලබන වසරේ මැයි මස 6 දින යළි කැඳවීමට නියෝග කළා.