නිළි රැජිණට රාජ්‍ය ගෞරවය ලබා නොදුන්නේ ඇයි ?
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස ගෞරව නාමයට පත් මලානි ෆොන්සේකා මහත්මිය හට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය පිළිබඳව අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කතාබහට ලක් වී තිබෙනවා .
මාලනී ෆොන්සේකා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව රජය විසින් කළින් ප්‍රකාශ කර සිටියද එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා .
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස
"රාජ්‍ය ගෞරවය, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා වන නිර්ණායකයන් කිහිපයක් පවතිනවා. පූර්ණ රාජ්‍ය ගෞරව, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය ගෞරව, වෙනත් ආදි ලෙස මෙවැනි අවස්ථාවලදී රජය කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදය සකස් කරලා තිබෙන්නේ.
ඒ අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු කටයුතුවල දී ලබාදිය යුතු පහසුකම්ද ලබා දුන්නා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයකදී ලබාදිය යුතු දේවලුත් ඇතුළත් කරලා තමයි අපි මේ කටයුතු සිදු කළේ.
ඊටත් වඩා මෙතනදි වැදගත් වෙන්නේ මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත අකමැත්ත. ඒ අයත් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. වෙනත් ක්‍රමවේද ඔස්සේ පමණක්ම නොවේ. අපි මේ ක්‍රමවේද ඉදිරිපත් කරලා කැමැත්ත අකමැත්ත විමසලා බැලුවා. ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත තමයි සමහර දේවල් කළේ. ඒ නිසා මම හිතනවා රජයක් හැටියට ඇයට ලබා දිය හැකි ඉහළම ගෞරවය පවුලේ කැමැත්ත අනුව අපි ලබා දුන්නා. ඒ අය මේකෙන් සෑහීමකට පත්වෙනවා."
