කවුද හිතුවේ දුම්රිය ගමන්වාර අවලංගු වුණේ මේ නිසා කියලා...ලෙඩ නිවාඩු දාපු අයටත් වැඩ වරදී

Sri Lanka Sri Lanka Railways Train Strike Latest Headlines Sinhala news
By Kaushi May 26, 2025 05:19 PM GMT
Kaushi

Kaushi

Report

අද (26) දින ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් පවසා සිටියේ අද උදෑසන සහ ඊයේ සිදුවූ දුම්රිය අවලංගු වීම් බහුතරයකට පැහැදිලිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතු වූ බවයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

එසේම දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බවත් ඔහු පවසා ඇත.

මේ බව අද දින කොළඹ වරාය අමාත්‍යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එහි දී ඔහු තවදුරටත් පවසා ඇත්තේ මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම පිටුපස පැහැදිලිවම දේශපාලනය ඇති බවයි.

තවද දුම්රිය අවලංගු කිරීම ආරම්භ කළ රියදුරන් කවුරුන්ද යන්න නම් වශයෙන් දන්නා බවත් ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

දෛනික දුම්රිය ගමන්වාර 216 කින් ගමන්වාර 38 ක් ඊයේ දින තුළ දී අවලංගු බවත් ඉන් ගමන් වාර 35ක් අවලංගු වීමට හේතුව දුම්රිය රියදුරන් නිවාඩු ගැනීම බවත් ඔහු පවසයි.

එමෙන්ම අද දිනයේ උදෑසන අවලංගු වූ දුම්රිය 15ට ද මෙම රියදුරන් නිවාඩු ලබා ගැනීම හේතු වී තිබෙනවා.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

ඒ නිසා රාජකාරී සඳහා පැමිණෙන මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වී ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දුම්රිය අවලංගුවීමට හේතු වූ රියදුරු මහත්වරුන්ගෙන් අනිවාර්යෙන්ම නිදහසට කරුණු විමසන බවයි.

ඒ අනුව ලෙඩ නිවාඩු දැමීමට හේතුව ද විමසන බව සඳහන්.

කෙසේ වුවත් රියදුරන් මෙතරම් සංඛ්‍යාවක් මෙසේ එකවර අසනීප වීමට හැකියාවක් නොමැති බැවින් එම සිද්ධිය සම්බන්ධ‍යෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු එහි දී පවසා ඇත.

ජනතාවට අනතුරු ඇඟවීමක්

ජනතාවට අනතුරු ඇඟවීමක්

ReeCha