ජනතාවට අනතුරු ඇඟවීමක්

By Kaushi May 26, 2025 04:29 PM GMT
Report

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් විසින් තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අරාබි මුහුදේ ගිලී යාමේ සිදුවීමෙන් පසු දකුණු කේරළ ප්‍රාන්තයේ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

අවුරුදු 14 න් මනාලියක් වෙලා අවුරුදු 15 න් දරුවෙක් ලැබුණා...තරගාවලියෙන් ඇහෙන තවත් දුක හිතෙන කතාවක්(PHOTO)

ඒ අනුව මෙම අනතුර ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් සිදුව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍රන්නේ නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් බවයි.

එසේම නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව ද සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බවයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

ඒ නිසා වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දෙයි.

තවද ඉන්දීය බලධාරීන් එරට ධීවරයින්ගෙන් ඉල්ලා ඇත්තේ ගිලී ගිය නෞකාවට සමීප වීමෙන් වළකින ලෙසයි.