අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්

Report

තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට ජනතාව මහත් උද්යෝගයෙන් සූදානම් වනවා.

රෙදිපිළි මෙන්ම නිවසට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගෙන් බොහෝ මාර්ග පිරී පවතිනවා.

රෙදිපිළි සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම,පමුණුව ප්‍රදේශය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

අවුරුදු උදාවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කල දැනුම්දීම

පිටකොටුව ආශ්‍රිත රෙදි පිලි වෙළදසැල්ද ජනාතාවගෙන් පිරී පවතිනවා.

සාධාරණ මිල ගණන් යටතේ මෙවර අවුරුද්දේදී රෙදි පිළි ඇතුලු භාණ්ඩ මිලදී ගත හැකි බවයි ජනතාව පවසන්නේ. රස කැවිළි මිලදී ගැනීමට ද ජනතාව පෝලිම් රැදි සිටින ආකාරය දැකගත හැකියි.

මේ අතර පසුගිය දින කිහිපයේම ගම්බිම් බලා යන ජනතාවගෙන් කොටුව දුම්රිය පොල මෙන්ම බස්නැවතුම්පොළ පිරී තිබුණා.

‘සුපර් මුස්ලිම්’ අන්තවාදී කණ්ඩායම ගැන ජනපති කියයි

‘සුපර් මුස්ලිම්’ අන්තවාදී කණ්ඩායම ගැන ජනපති කියයි

අද දිනයේත් විශේෂ දුම්රිය සේවා සහ දෛනික සේවා ක්‍රියාත්මක වුවද කොටුව දුම්රිය ස්ථානය අද දක්නට ලැබුනේ පාලු ස්වභාවයක්. විශේෂ බස් රථ සේවාද පසුගිය දින කිහිපයේදීම ක්‍රියාත්මක වුණා. ජනතාව පෝලිම්වල රැඳී සිටිමින් ගම්බිම් බලා යන ආකාරය දැකගත හැකි වුවද අද දිනයේ එතරම් තදබදයක් තිබුණේ නැහැ.

කෙසේ වෙතත් බස්රථ සේවා අද දිනයේද ක්‍රියාත්මක කෙරෙනවා. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිටද අද දිනයේත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරෙනවා.

ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවගෙන් එම මධ්‍යස්ථානය අද දිනයේත් පිරී පැවතුනා.

අධිවේගී මාර්ගයේ බස් රථ සේවා සාමාන්‍ය පරිදි පවතින බවයි ජනතාව පවසන්නේ. හෙට දිනයේත් ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ජනතාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණිය හොත් බස් රථ යෙදවීමේ හැකියාව පවතින බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගත රැදවූවන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබාදී තිබෙනවා. රැදවූවන්ට රස කැවිලි ඇතුළු විශේෂ ආහාර ලබා දීමට අවස්ථාව සලසා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.