ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් සමඟ සෞඛ්‍ය ඇමති වැදගත් සාකච්ඡාවක් - අප්‍රේල් 24 වෙනකල් කරන්න යන්නේ මේකයි

Report

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර අද (20) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැදගත් සාකච්ඡාවක් පවත්වා ඇත.

එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමයි.

විශේෂයෙන්ම රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” (Arogya Health and Wellness Centers) 1000ක් පිහිටුවීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ එහි සාර්ථකත්වය පිළිබඳව දීර්ඝව අවධානය යොමු කර ඇත.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

එම මධ්‍යස්ථාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ බෝ නොවන රෝග (NCD) පාලනය කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීම සහ ග්‍රාමීය මට්ටමින් ජනතාවට වඩාත් සමීප, ගුණාත්මක සහ කඩිනම් සෞඛ්‍ය සේවාවක් ලබාදීම බව සාකච්ඡාවේ දී අවධාරණය කර ඇති අමාත්‍යවරයා බෝ නොවන රෝග පරීක්ෂාව, පිළිකා කල්තියා හඳුනා ගැනීම, වැඩිහිටි හා සහන සත්කාර, විශේෂිත සායන, පෝෂණ හා උපදේශන සේවා, රසායනාගාර පරීක්ෂණ එම මධ්‍යස්ථාන මඟින් ලබාගත හැකි සේවාවන් බව ද කාර්ය මණ්ඩලය සහ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව ද එහිදී කරුණු අවධාරණය කර ඇත.

එමෙන්ම මෙහිදී සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම මඟින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර, ඒ වෙනුවෙන් WHO ආයතනය විසින් ලබාදිය හැකි තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගය පිළිබඳවද සාකච්ඡා කර ඇත.

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

ගම්මන්පිලගෙන් තවත් ආන්දෝලනයක් - ජනපති සහ බිමල් අතර දරුණු මත ගැටුමක් - බහුතර බලය බිමල්ට

මේ අතර මෙම විශේෂඥ කණ්ඩායම අප්‍රේල් 24 දක්වා දිවයිනේ රැඳී සිටිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර අධ්‍යයන සිදු කිරීමට නියමිත අතර, එම සමාලෝචනයෙන් ලැබෙන නිර්දේශ මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීම රජයේ අරමුණ වන බව සඳහන්.

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්

බෞද්ධ ඉතිහාසයේ තිරිසන් සතුන් සමඟ පා ගමන් ගියපු බවක් අහලා නෑ - කස්සප හිමිගෙන් සැර ප්‍රකාශයක්