ඉරානයේ WhatsApp නතර වේ - WhatsApp සමාගම කනස්සල්ලෙන්

Benjamin Netanyahu WhatsApp Sinhala news Iran-Israel War Ayatollah Ali Khamenei
By Shehan Jun 18, 2025 06:15 AM GMT
Shehan

Shehan

Report

ඉරාන රජය විසින් WhatsApp, Telegram ඇතුළු ස්ථාන පාදක සන්නිවේදන යෙදුම් භාවිතය නවත්වන ලෙස ජනතාවට දැනුම් දීම සම්බන්ධයෙන් WhatsApp සමාගම මේ වන විට තම බලවත් කනස්සල්ල පළ කර තිබේ.

ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRIB වාර්තා කළ ආකාරයට, ඉරාන රජය පසුගිය ඊයේ(17) මෙම නිවේදනය නිකුත් කරමින්, මෙම සන්නිවේදන යෙදුම් ඊශ්‍රායලය විසින් “පුද්ගලයින් හඳුනා ගැනීමට සහ ඉලක්ක කිරීමට” යොදාගන්නා ප්‍රධාන මාර්ග ලෙස භාවිත කරන බව අවධාරණය කර ඇත.

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

ඊශ්‍රායලයේ අයන් ඩෝමය බිදවැටේ. ලෝක බලවතුන් එක් පිළකට ඉරානයේ සහයට රුසියාවත් චීනයත් යුධ පිටියට

මේ පිළිබඳව බලවත් කනස්සල්ල පළ කරමින්, WhatsApp සමාගම ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි අසත්‍ය වාර්තා තම සේවාවන් අවහිර කිරීමට හේතුවක් වීම පිළිබඳ තමන් බෙහෙවින් සැලකිලිමත් වන බවයි.

සමාගම වැඩිදුරටත් පවසන්නේ, WhatsApp භාවිතා කරන්නන්ගේ නිශ්චිත ස්ථානයන් නිරීක්ෂණය නොකරන බවත්, සියලුම පණිවිඩ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා සංකේතනය (end-to-end encryption) කර ඇති බවත්ය. ඒ අනුව, පණිවිඩ යවන්නා සහ ලබන්නා හැර වෙනත් කිසිවෙකුට එම පණිවිඩවල අන්තර්ගතය වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොමැති බව සමාගම අවධාරණය කරයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

“අපි පණිවිඩ යවන සෑම කෙනෙකුගේම ලොග් තබා ගන්නේ නැහැ. මිනිසුන් එකිනෙකාට යවන පුද්ගලික පණිවිඩ අපි නිරීක්ෂණය කරන්නේ නැහැ,” යනුවෙන් WhatsApp සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අදත් බිහිසුණු රිය අනතුරක් - 18 දෙනකුට තුවාල [CCTV

අදත් බිහිසුණු රිය අනතුරක් - 18 දෙනකුට තුවාල [CCTV

ReeCha