ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට කුමක් සිදුවේද ?

Sri Google India Sinhala news
By Lakshika May 08, 2025 06:21 AM GMT
Lakshika

Lakshika

Report

ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති වරයා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

එමෙන්ම පෙත්සම් කරු කියා සිටින්නේ ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර මෙම අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවය.   

දිනෙන් දින වැඩිවෙන තැලසීමියාව

දිනෙන් දින වැඩිවෙන තැලසීමියාව

මේ පිලිබදව රටේ ජනතාව පවා කිසිදු දැනුවත් වීමක් සිදු නොකරන පෙත්සම ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් චෝදනා කර තිබේ.

එසේම මෙම පෙත්සම තුලින් ලංකාව තුල ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් කිරීමට රජය ගත ක්‍රයාමර්ගය සම්පූර්ණ නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙත්සමන් චෝදනා කර ඇත.

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

දුරකතනය නාද වීම මරණයකින් අවසන් වෙයි (PHOTO)

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයද සිටියි.

ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ReeCha