දිනෙන් දින වැඩිවෙන තැලසීමියාව

Report

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසීමියා රෝගයට ගොදුරු වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව මෙරටින් වර්ෂයකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය සඳහන් කරයි.

මැයි 8, එනම් අද දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය තවදුරටත් පවසා සිටියේ තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බවයි.

ඇල්ලුව තරහට විස්කි බෝතලුත් පොළේ ගහලා

ඇල්ලුව තරහට විස්කි බෝතලුත් පොළේ ගහලා

මෙවර ජාත්‍යන්තර තැලසීමියා දින තේමාව වූයේ “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම“ යන්නයි.

ප්‍රවේණි රෝග අතුරෙන් ලෝකයේ බහුල ලෙස පවතින බෝවන රෝගයක් ලෙස තැලසීමියා රෝගය හැඳින් විය හැක.

රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් මෙම රෝගය වැළඳීම වළක්වා ගත හැක.

මාලිමාව පන්න දමන්නට පළමු පියවර තලතාගෙන්

මාලිමාව පන්න දමන්නට පළමු පියවර තලතාගෙන්

ජාත්‍යන්තර තැලසීමියා දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂ දිනයක් ලෙස නම් කර ඇත්තේ එම අවබෝධය ලෝකවාසීන්ට ලබාදීමේ අරමුණිනි.

රුධිරයේ රතු රුධිරාණුවල අඩංගු හිමොග්ලොබීන් අණුවේ ව්‍යුහයේ ඇති අසාමාන්‍යතාවක් හේතුවෙන් ඇතිවන බෝ නොවන රෝගයක් ලෙස තැලසීමියා රෝගය හඳුන්වයි.