රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළේ නැටූ නාඩගම.

Bandaranaike International Airport Sri Lanka Airport Sri Lanka Politician Gossip Today
By Piyumika May 16, 2024 04:04 PM GMT
Piyumika

Piyumika

Report

ගුවන්තොටුපොළ ආරංචි මාර්ග වලට අනුව ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයකු කටුනායක ගුවන්තොටුපළට පැමිණ ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කල සිදුවීමක් ගැන ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබුනා.

පෙරේදා අලුයම් කාලයේ එම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇත.එම රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද සමග පැමිණ ඇති අතර ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගිය අවස්තාවේදි ඔහුගේ ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම දේශපාලකයාට දැනුම් දී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂකයන්ටද බැණ වැදී ඇති අතරම ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.

පසුව ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇතැයි පැවසේ.එයින් කුපිත වූ බව කියන දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

ReeCha